Thursday, November 22, 2012
Wednesday, October 10, 2012
යළි පිබිදෙන සංචාරක කර්මාන්තය
ශ්‍රි
ලංකාව වනාහි සංචාරකයින්
ආකර්ශනීය කර ගැනීමේ හැකියාවන්ගෙන්
පිරුණු දිවයිනකි.
එය භූ ගෝලිය
පිහිටීම මත සේම සංස්කෘතික
විවිධත්වය නිසාම සිදු වූවකි.
ශ්‍රී ලංකාව
කදිම සංස්කෘතික පිහිටීමකින්
යුක්තය.
සිංහල හා
දමිළ සංස්කෘතිය ඒ අතරිනිදු
ප්‍රමුක වේ.
දමිළ සංස්කෘතිය
වනාහි අතිශය අලංකාර විචිත්‍ර
වූවකි.යාපනය
දමිළ සංස්කෘතිය ඔස්සේ දිර්ඝ
කාලයක් පෝෂනය වුනු සංස්කෘතික
මරමස්ථානයකි.
එසේ කීමට
හේතුව දමිළ සංස්කෘතිය ඉතාමත්
සක්‍රීයව ක්‍රියාත්මක වන
පෙදෙස වීමයි.සංචාරකයකු
වශයෙන් ලංකාවට පැමිනෙන
විදේශකයෙකුට වුවද ලංකාවේ
පුරවැසියකුට හෝ වුවද ලංකාවේ
අසිරිය හා සංස්කෘතිකත්වය හා
ආශ්වාදය විඳදරාගනු පිණිස
කරනු ලබන සංචාරනයකදී යාපනය
කිසිකලක මගහැර යා නොහැක.නමුදු
දේශීය සේම විදේශීය සංචාරකයිනට
පුරා වසර 30
ක මන කාලයක්
එකී අත්දැකීමක් ලබාගැනීමට
නොහැකි වූයේ උතුරු හා නැගෙනහිර
ව්‍යාප්ත කරගෙන පැවති දරුනු
ත්‍රස්තවාදය විසින් මෙය යාපනය
නොව සමස්ථ දිවයිනම සංචාරයට
නුසුදුසු රටක් ලෙස අන් රටවල
වාරණයකට ලක්වීම තෙක්ම දීර්ඝ
වූවක් විය. නමුත්
නිදහස ලබාගැනීමෙන් පසු යාපනය
අර්ධද්වීපය යළි පැවති අසිරිය
දක්වමින් නැවත නැගීසිටීමක
සිටිනු දක්නා ලැබේ.රටක
සංවර්ධනය වේගවත් කරනු ලබන
එක් සාධකයක් ලෙස සංචාරක
කර්මාන්තය දැක්විය හැකිය.නැවත
පිබිදෙන ශ්‍රී ලංකාව වශයෙන්
යාපනය යනු සංචාරක ආකර්ශනය
යාන්ත්‍රණයක් ලෙස හැඳින්වීමක්ද
වරදක් නොවේ.
දිවයිනේ
ඵෙතිහාසික,
පුරාවිද්‍යාත්මක
මෙන්ම ආගමික සිද්ධස්ථාන හා
වැදගත් ස්ථාන රාශියක්ම යාපන
අර්ධද්වීපයේ පවතී.
උදාහරණයක්
ලෙස දැක්වුවහොත් නාග විහාරය.
දුම්රිය
ස්ථානය,
යාපන කොටුව,
යාපන
කෞතුකාගාරය,
නාගදීපය,
යාපන
පුස්තකාලය,
නල්ලූර්
කෝවිල හා පතුල නොපෙනෙන ළිඳ
එකී වැදගත් ස්ථාන රාශිය අතරින්
ප්‍රමුඛ කිහිපයකි.මේවා
සංචාරකයකුට දැකබලා ගැනීමට
අවශ්‍ය ස්ථානද වෙති.
යාපන
අර්ධද්විපය යුද්ධය නිසා අධික
ලෙස විනාශ මුඛයට පත් වූ පෙදෙසක්
වුවද මේ වන විට නැවත සීඝ්‍රයෙන්
සංවර්ධනය වෙමින් පවතී.නව
ගොඩනැගිලි,
මහාමාර්ග
පද්ධති දැනටත් කඩිනමින්
ඉදිකෙරෙමින් පවතී.
යාපන පුස්තකාලය 1983 දීගිනි තබා විනාස කර තිබුනද මේ වන විට මෙය නැවත ප්‍රතිසංස්කරණය කර මහජනයා වෙනුවෙන් විවෘතව පවතී.යාපනය නගරය යුද්ධයෙන් පසු තවදුරටත් එහි සංචාරක ආකර්ශණය වැඩි දියුණු වී ඇත් බවක් පෙනේ. ඒ යුද්ධ සමයේ ඉතුරු වුණු සාධක සහ පැවැති යුධ සමය අපට ඉතිරි කල ඒ මතක සටහන් නිසාවෙනි. පැමිණි සංචාරකයින් සමග කතාබස් කිරීමේදි වැටහී ගියේ, ඔවුන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ පිරිබාහරන්ගේ බංකරයහා අනෙකුත් යුධ නෂ්ඨාවශේෂ හා මතක සටහන් දැක බලා ගැනීමට දැඩි ප්‍රියත්වයක් දක්වන බවය. එසේම යාපනයට දැන් පැමිණෙන සංචාරකයින් දෙස බැලීමේදී පෙනී යන්නේ ලාංකික සංචාරකයන් බොහෝමයක් යාපනය වෙත පැමිණීමට රුචිකත්වයක් දක්වන බවය.රටේ අනෙක් කොන වන දකුණේ ජනතාව පවා බොහෝමයක් යාපනයේදී අපට මුණ ගැසිණු අතර වයස අවුරුදු 45 ත් 50 ත් පමණ අතර බොහෝ වැඩිහිටියන් පවා ප්‍රකාශ කලේ මේ ඔවුන් යාපනයට පැමිණි පළමු අවස්ථාව බවත් යුද්ධය නිසා පැමිණීමට නොහැකි වූ බවත්ය. එසේම පැමිණ සිටි විදේශිකයින්, සංචාරකයින් සංඛ්‍යාව අතලොස්සක් බවත් අපට තවදුරටත් පෙනී ගියේය. ලාංකික සංචාරකයින්ද විදේශීය සංචාරකයින් මෙන් එක සේ වැදගත් වුවද සංචාරක කර්මාන්තයක් ලෙස ගත්කල විදේශ විනිමය ලංකාවට ලබා ගැනීම තුළ විදේශිකයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඉතා වැදගත් විය. යාපන පොලිසිය භාරව කටයුතු කරන සමන් සිගේරා මහතා ප්‍රකාශ කළ අන්දමින් මෙන්ම දින පහක් පුරා අප සංචාරයන්හිදී ද අපට වැටහී ගියේ, යාපනය ප්‍රදේශය ආරක්ෂාව අතින් ඉහළ ස්ථානයක පවතින බවය. තොරතුරු සපයා ගැනීමේ අරමුණින් යාපනය කච්චේරිය වෙත ළගා වූ අපට ආයතනිකමය වශයෙන් යාපනය තව දුරටත් දියුණු විය යුතු බව වැටහිණ. මන්ද සියළුම නිළධාරීන් දමිළ ජාතිනයින් වූ අතර සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රිසි භාෂා හැකියාවන් ඔවුන් අතර දක්නට නොලැබිණි. මේ තත්වය තුළ එවුන් හා තොරතුරු හුවමාරු කර ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට අපට සිදු විය. අප සමඟ සම්ළ සහෝදර සහෝදරියන් සිටියද ඔවුනටද ඔවුන් හා අදහස් හුවමාරුවේ ගැටළු පැන නැඟුනේ කොළඹ දමිළ හා යාපන දමිළ වශයෙන් දමිළ භාෂාවේ ස්වරූපයන් දෙකක් පැවති බැවිනි.සංචාරකයින් මඟ පෙන්වීමට වෙනම ආයතනයක් , සංචාරක තොරතුරු පිළිබද කාර්යාලයක් යාපන නගරයේ දක්නට නොලැබුණු අතර කච්චේරියේ සංස්කෘතික අංශය තුළම සංචාරක කටයුතු පිළිබඳවද අනියුක්තව පැවතියද එයද සන්‍රි මට්ටමේ සේවයක් නොවන බව පැහැදිළි විය.

විදෙස්
සංචාරකය්නගේ පැමිණිම අල්ප
නිසාදෝ සංචාරක මඟ පෙන්වන්නන්
ලෙස පෞද්ගලිකව කටයුතු කරන්නන්ද
සොයාගත නොහැක් විය.
යාපනය
සංවරිධන පියවරේදී මහාමාර්ග
පමණක් නොව අන් සියළු යටිතල
පහසුකම් පිළිබඳවද එකසේ
සැලකිලිමත් වීම වැදගත්ය.
යුද්ධය
අවසන් වී වසර කිහිපයක් ගත වුවද
තවමත් විදේශිය සංචාරකයින්ගේ
පැමිණිමේ හිඟය මෙකී දෝෂ සහගත
තත්වයන්හි ස්වභාවය පෙන්වයි.
සංවර්ධනය
තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ
ආශ්චර්යය කරා යන්නා වූ ගමනේදී
පළමුව යාපනය ලංකාවේ ආශ්චර්යය
කර ගත හොත් එකී සංවර්ධනයට හා
ඉදිරි ගමන වඩාත් සුභදායි හා
ඉක්මන් ගමනක් වනු ඇත යන්න මගේ
අවසන් සංකල්පනාවයි.
Saturday, September 29, 2012
යාපනය කොටුව සංවර්ධනය කිරීම
ඓතිහාසික යාපනය කොටුව සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස
සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් රජය ආරම්භ කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ආරම්භ කර තිබෙන අතර මේ සඳහා රුපියල් මිලියන 104 ක පමණ වියදමක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා යාපනය කොටුව 1618 දී ඉදිකර තිබෙන අතර පසුව 1658 දී ලන්දේසීන් විසින් අල්ලාගෙන තිබෙන එය තවදුරටත් පුළුල් කර ඇත.
පසුව 1795 වසරේදී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර පසුගිය යුධ සමයේදී මෙයට විශාල වශයෙන් හානි සිදුවුණි.
රජය සඳහන් කරන්නේ මේ වනවිට යාපනය කොටුවේ සිදුවන අළුත් වැඩියා කටයුතු පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිරීක්ෂණය කළ බවත් හැකි ඉක්මනින් අදාළ අළුත් වැඩියා කටයුතු නිම කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

Labels:
samith
Wednesday, August 29, 2012
යාපනයේ 2වෙනි දිනය
යාපනයේ දෙවෙනි දිනය පෙරදා මෙන්ම අදද
හිමිදිරි පානදර 4.30 ට ආරම්භ විය.සැවොම ඉතා
උද්යෝගයෙන් යුතුව අප ජීවිතයේ ගතකරන්නාවූ ඉතා වැදගත්ම දිනකිහිපයක සාර්ථක දෙවෙනි
දිනය වෙනුවෙන් අවදිව එකාමෙන් සියලු කටයුතු සූදානම් කරගන්නා ආකාරය දක්නට
ලැබින.කන්ඩායම් සයෙහි නායකයින් තම කන්ඩායම් එක්රැස්කරමින්ද ඔව්නට උපදෙස් හා දිනයේ
කාලසටහන විස්තර කරමින් වැඩ පැවරනු දැකීම සැබවින්ම මෙය දෙස බලාසිටින්නෙකුගේ පවා ප්‍රබෝධමත්
කරන්න තරම්ය.මාද මාගේ කන්ඩායම සූදානම් කර දිනයේ වැඩකටයුතු අරඔමින් අප වෑන් රථයේ
නැගී උදෑසන 6.30 පමන වන විට පිටත්වූයේ පෙරදිනයට
වඩා වැඩි වැඩ කොටසක් සිදුකරගැනීමේ අභිප්‍රායෙනි.
අප පළමුව
යාපනය නගරයේ මුදුන් මල්කඩක් බඳු නල්ලූර් කොවිල වැඳ පුදා ගැනීමට ගියෙමු.කෝවිල
නැරඹීමට පැමිනෙන රටේ ජනපති පවා සිදුකල යුතු ආකාරයෙන් අපටද ශරීරයේ ඉහල කොටසට වස්ත්‍ර
නොමැතිව ඇතුලු වීමට සිදුවූ අතර එය අපට යම් නුහුරු අත්දැකීමක්ද විය.එහිදී
පුද්ගලයෙකුට නිතර දැකබලා ගැනීමට නොලැබෙන හින්දු ප්‍රතිමාවකට කරන ලබන පූජාවක්ද
නැරඹිමට තරම් අප වාසනාවන්ත වූ අතර කෝවිල තුළ ඡායාරූපගත කිරීමට නොදෙන බැවින් ඔබ
වෙනුවෙන් රූපරාමුවක් ලබාගත නොහැකි විය.දේව මෙහෙයකටද සහභාගී වූ අප දෙස් විදෙස්
සංචාරකයින් කිහිප දෙනෙකුගෙන් තොරතුරැ ලබා ගැනීම පිණිස කෝවිල භුමියට පැමිනියෙමු.

රටේ සතර භාගයෙන්ම පිරිස්
නල්ලූර් කෝවිල වෙත පැමිණ සිටියහ.ඒ අතර මුස්ලිම්,බෞද්ධ,ක්‍රිස්තියානී
ආදී විවිධ ආගම් වල පුද්ගලයන් සිටබව පැමිනී ජනතාව නිරීක්ෂනයේදී හා ඔවුන් සමඟ කතාබස්
කිරීමේදී දැනගත හැකිවූ අතරම එසේ සර්ව ආගමිකයන් මෙසේ නල්ලූර් කෝවිල් භූමිය තුල
එක්රැස්ව සිටීම රටක් වශයෙන් අප දිනාගත් නිදහසෙහි වටිනාකම අපට ප්‍රත්‍යක්ෂ කරන්නක්
විය.දේශීය සේම විදේශිය සංචාරකයින් කිහිප දෙනෙකු සමඟම අදහස් හුවමාරු කරගැනීමටද අපට
එහිදී හැකිවිය.ඔවුන් සියල්ලෝම රටෙහි වත්මන් තත්වය පිළිබඳ හොඳ ආකල්පයකින්
පසුවිය.එක් විදේශිකයෙකු පමනක් අප සමඟ සුහද පිළිසඳරක යෙදී සිටියදී තවමත් යාපනය
නගරයේ හමුදාව රැඳී සිටීම පිළිබඳ අප්‍රසාදයකින් කතාබස් කලේය.නමුත් ඔහුට පවතින
තත්වයන් පිලිබඳව හරිහැටි අවබෝධයක් නොමැති බැව් පෙනුනු බැවින් අප ඔහුට ඒ පිලිබඳව
තේරුම් කරදුන් අතර ඔහු අප සමඟ එකඟත්වයද පල කලේය.
කෝවිලෙන් නික්මුනු අප ඉන්පසුව
කලින් සකස්කරගත් හමුවකට අනූව යාපනය කච්චේරිය වෙත ලඟා වූයේ එහි සංස්කෘතික කටයුතු
භාර නිළධාරිනී මෝහනේශ්වරන් සමුවීමටය.එහිදී ඉතා කැපවීමෙන් අප වෙනුවෙන් තොරතුරු
සැපයීම වෙනුවෙන් කටයුතු කල සංස්කෘතික අංශයේ නිලධාරීන්ට අප ස්තූතිය හිමිවිය යුතුය.
සියලු තොරතුරු කිසිදු
අඩුපාඩුවකින් තොරව ලබාදුන් අතර සකස්කර තිබූ ඉදිරිපත් කිරීමක්(Presentation) ඔවුන්ගේ වටිනා කාලය අප
වෙනුවෙන් මිඩංගු කරමින් අපට විස්තර කර දුන් අතර සංස්කෘතික ගැටලු සම්භන්ධයෙන් ඔවුන්
සකස් කල කෙටි චිත්‍රපටයක් හා යාපනයේ සංචාරක කර්මාන්ත අලලා සකස්කෙරුනු ග්‍රන්ථයක්
පව අපට ලබාදීමට තරම් ඔවුන් නිහතමානී විය.
Tuesday, August 28, 2012
දිනයක නිමාව.....
පෙර දිනයේ රාත්‍රී 10.15 ට පමන යාපනය ඥානම් හෝටලයට පැමිනි අප රාත්‍රී 11.30 පමණ වනතෙක් ගමනෙන්
පසු හෝටලයට පැමින සිදුකරගත යුතු කාමර වෙන්කර ගැනීම,බඩු භාහිරාදිය ඇසිරීම හා රාත්‍රී ආහාරය ලබා නින්දට පිවිසි අතර අද
උදෑසන 5 ට අවදිවී දිනයේ සියලු කටයුතු සැලසුම් කර 9.30 ට සූදානම් කර
තිබුනු යාපනය යුධහමුදාව විසින් ඉදිරිපත් කෙරුනු දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගී
විය.යාපනය ප්‍රදේශයේ වත්මන් තත්වයත් අප ක්‍රියාකාරකම් වලට අදාල දැනුවත් කිරීමුත්
එහිදී සිදුකෙරුනි.
ඉනික්බිති යාපනය නාග විහාරය වෙත ලඟාවූයේ සංස්කෘතික ගැටලු සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබාගැනීමේ අභිප්‍රායෙනි.නමුත් අප බලාපොරොත්තු වූවාටත් වැඩි තොරතුරු ප්‍රමානයක් හා සහයක් එහි විහාරාධිපති ඥානරතන හිමියන්ගෙන් හා දෙමටළුවේ සුමංගල යන හිමිවරුන්ගෙන් හිමි විය.සියලු කාර්යන්හීදී අපට අනර්ඝ සහයක් ඔවුනගෙන් හිමිවූ බව අප ප්‍රකාශ කරනුයේ භක්තියාදරයෙනි.ඉතාමත් හිතමිත්‍රාකාරයෙන් අප පිළිගෙන සංග්‍රහ කර සියලු කටයුතු අවසානයේ දෙමළ සංස්කෘතියානුකූලව ස්ත්‍රී පක්ෂය වෙත පිරිනැමෙන තිළිනයක්ද අප කන්ඩායමේ සහෝදරියන්ට සුමංගල හිමයන්ගෙන් හිමි විය.
යාපනය
නගරයේ වත්මන් ආරක්ෂක තත්වය සොයාබලනු වස් අප අනතුරුව ලඟාවූයේ යාපනය පොලිස් ස්ථානය
වෙතයි.එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් සිගේරා මහතාගෙන් දැනට යාපනය නගරය කුමන
ආකාරයකින් ආරක්ෂිතව ඇත්ද යනවගත් සංචාරකයින් සම්භන්ධයෙන් පොලීසිය අනුගමනය ක්‍රියාපිළිවෙත්ද
වත්මන් යාපනය සම්භන්ධ ප්‍රම්‍රඛ පුවතක් වන ඉඩම් ආරවුල් හා යාපනයේ පවතින සංස්කෘතික
විශමතාවන් නිසා ප්‍රශ්න ඇතිවේදැයි යනවගත් අප විසින් විමසීමට ලක්කරන ලදී.ඔහුගේ
පිළිතුරු අනූව දැනට යාපනය නගරය ඉතා සුරක්ෂිතව ඇති ආකාරයත් ජනමාධ්‍යයන්හි පලවන
ආකාරයේ කිසිදු වාර්ගික අර්බුධයක් එහි නොමැති බවත් පැවසීය.
දිනයේ සියලු කටයුතු ඒයාකාරයෙන් සාර්ථකව ඉටුවුනු අතර සවස 7
පමණ වන විට නැවතත් සියලු කටයුතු අවසන්කර ඥනම්ස් හෝටලය වෙත ලඟාවූයෙමු.
Sunday, August 26, 2012
ඇරඹුමට පෙර......
හෙට දිනයේදී නොයෙසේනම් 27 වන සදුදා උදෑසන 7.ට යෙදෙන සුභ
මොහොතින් ජනමාධ්‍යයේ,අපගේ කුළුදුල් අත්දැකීම විඳීමේ අභිප්‍රායෙන්
කොලොම්පුරෙන් යාපා පටුන වෙත කෙරෙන සහෝදරත්වයේ චාරිකාව සඳහා සියලු කටයුතු
සූදානම්.ගමන පිළිබඳව නොයෙකුත් ගැටළු පැවවතියද ඒ සියල්ල ඉතා සාර්ථකව විසඳා ගැනීමට
අපට හැකිවිය.එබැවින් කිසිදු චිත්ත පීඩාවකින් තොරව අප ගමන සාර්ථක කරගත හැකියැයි
හැඟේ.
කන්ඩායම් 5කින් යුක්තව ආරම්භ කෙරෙන
අප චාරිකාව ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස හැඳින්වුවද සැබවින්ම ක්ෂේත්‍ර චාරිකාවකට වඩා
වැඩි අරමුනකින් යුක්තය.යාපනය ප්‍රදේශය තුලදී ගුවන්විදුලි,රූපවාහිනී හා මුද්‍රිත යන අංශ වලින්
ඉගෙනුම ලබන අප ඒ ඒ අංශයන්ට අදාළව තමන්ට ලැබුනු එක් ප්‍රධාන මාතෘකාවක් ආවරණය
කරමින්ද ඒ තුළ එක් අනුමාතෘකාවක් තෝරාගනිමින් කේවල නිර්මානයක් කිරීමටද නියමිතය.ඉහත
සියලුම අංශයන්ගෙන්ද සිංහල,දෙමළ හා ඉංග්‍රීසි
භාෂාවන්ගෙන් අධ්‍යාපනය හදාරණ සිසුන්ගෙන් යුක්තව කන්ඩායම් සකස් වේ.එබැවින් එක්
කන්ඩායමක් සියලුම භාෂාවන්ගෙන් හා මුද්‍රිත,ගුවන්විදුලි,රූපවාහිනී යන අංශයන්ගෙන්
පෝෂණය වී පවතී.
සංස්කෘතික ගැටළු හා සංචාරක කර්මාන්තය අපට ලැබුනු ප්‍රධාන මාතෘකාව වන අතර ඒ
අනූව මා විසින් මාගේ කේවල නිර්මාණය ලෙස සංචාරක කර්මාන්තය යුද්ධයට පෙර සහ යුද්දයෙන්
පසු උතුරේ ක්‍රියාත්මක වන හා සංවර්ධනය වන අකාරය “උතුරේ පුබුදන සංචාරක
කර්මාන්තය“ යන මැයින් ඉදිරිපත්කිරීමට
අසහස් කරන්නෙමි.රූපවාහිනී මාධ්‍ය හදාරන ශිෂ්‍යයකු ලෙස අවසාන නිර්මානය රූපවාහිනී ප්‍රවෘත්තියක්
ලෙස ලබාදිය යුතුය.එසේම අප නවමාධ්‍ය පැවරුමක් ලෙස මෙසේ බ්ලොග්,ෆේස්බුක් හා ට්විටර්
අවකාශයන් ඔස්සේ ඔබවෙත තොරතුරු හා රචනා ඉදිරිපත් කරන්නෙමු.
හුදෙක්ම රචනා ශෛලියට කොටුවී වාර්තා ස්වරූපයෙන්ම බ්ලොග් අඩවිය භාවිතා කිරීමට
අදහස් නොකරන අතර කේවල ව්‍යාපෘතිය පමනක් වාර්තා ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නෙමු.මීට
අමතරව නිදහස් අදහස් හා නිර්මාණ Work™ යන කොටසින් ඉදිරිපත්වන අතර Fun events යන
කොටසින් අපගේ යාපනය ගමනේ ක්‍රියාකාරකම්හි රූපරාමු යනාදිය කෙටි විස්තරයක් සහිතව ඉදිරිපත් වේ.එපමනක් නොව අප මෙම ගමන විනෝදයෙන් ගතකල ආකාරයද ඒ තුලින් ඉදිරිපත් කරමු.මන්ද සෑම ක්‍රියාකාරකමක්ම සාර්ථකව නිමකල හැක්කේ තමන් කරනා දෙය
විනෝදයෙන් හා ඕනෑකමකින් කලහොත් පමනක් බව
අප දන්නා බැවිනි.එබැවින් එම සතුට ඔබ සමගද බෙදාගන්නෙමු.
අනෙකුත් කන්ඩායම්
වලට වඩා අඩු සංඛ්‍යාවක් (5) අන්තර්ගත වුවද අප කන්ඩායම අන් සියලු කන්ඩායම් අභිමුවේ
හොඳම කන්ඩායම ලෙස මට හැඟේ.කන්ඩායම් නායකයා ලෙස මට ඉතා අනර්ඝ සහයක් ඔවුන්ගෙන්
ලැබුනු අතර විටෙක මා දිරිමත් කරමින්ද සෑම කටයුත්තකදීම මා සමඟ රැඳී සිටිමින්ද මට
සහය වුනු ඌෂා,සන්ධ්‍යා,ප්‍රනීත් හා ලිදර්ශන් යන සහෝදර සහෝදරියන්ටද අප කන්ඩායම භාර මානෙල්
වික්‍රමසිංහ ගුරුතුමියටද මාගෙ ආදරණීය
ස්තූතිය හිමිවේ.අප සඳුදා ගමන වෙනුවෙන් වූ සූදානමද කැමරා හා අනෙකුත් උපකරන ලබාගැනීම
වෙනුවෙන් අප ගොඩනැගිල්ල පුරා දිවූ සැටි මාහටනම් කිසිදිනක අමතක නොවේ.තවමත් ගමනේ ආරම්භයටවත් පැමිණ නොමැති බැවින් ඔවුන් සියලු දෙනාම
ගමන පුරාවටත් එකී සහයෝගය තවදුරටත් මාවෙත ලබාදෙනු ඇතැයිද බලාපොරොත්තු වේ.
ඇරඹුමට පෙර සටහන මෙසේ නිමකෙරෙන අතර බ්ලොග්,ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ අප සමඟ රැඳී සිටින ඔබගේ අදහස්
අපට ඉතා වැදගත් බව මතක් කරන අතර ඔබේ අදහස් අපවෙත ලබාදී අප කටයුතු සාර්ථක කරගැනීමට
සහය වන මෙන් ඉල්ලා සිටිමි.
Subscribe to:
Posts (Atom)