Tuesday, August 28, 2012

දිනයක නිමාව.....


පෙර දිනයේ රාත්‍රී 10.15 ට පමන යාපනය ඥානම් හෝටලයට පැමිනි අප රාත්‍රී 11.30 පමණ වනතෙක් ගමනෙන් පසු හෝටලයට පැමින සිදුකරගත යුතු කාමර වෙන්කර ගැනීම,බඩු භාහිරාදිය ඇසිරීම හා රාත්‍රී ආහාරය ලබා නින්දට පිවිසි අතර අද උදෑසන 5 ට අවදිවී දිනයේ සියලු කටයුතු සැලසුම් කර 9.30 ට සූදානම් කර තිබුනු යාපනය යුධහමුදාව විසින් ඉදිරිපත් කෙරුනු දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගී විය.යාපනය ප්‍රදේශයේ වත්මන් තත්වයත් අප ක්‍රියාකාරකම් වලට අදාල දැනුවත් කිරීමුත් එහිදී සිදුකෙරුනි.



ඉනික්බිති යාපනය නාග විහාරය වෙත ලඟාවූයේ සංස්කෘතික ගැටලු සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබාගැනීමේ අභිප්‍රායෙනි.නමුත් අප බලාපොරොත්තු වූවාටත් වැඩි තොරතුරු ප්‍රමානයක් හා සහයක් එහි විහාරාධිපති ඥානරතන හිමියන්ගෙන් හා දෙමටළුවේ සුමංගල යන හිමිවරුන්ගෙන් හිමි විය.සියලු කාර්යන්හීදී අපට අනර්ඝ සහයක් ඔවුනගෙන් හිමිවූ බව අප ප්‍රකාශ කරනුයේ භක්තියාදරයෙනි.ඉතාමත් හිතමිත්‍රාකාරයෙන් අප පිළිගෙන සංග්‍රහ කර සියලු කටයුතු අවසානයේ දෙමළ සංස්කෘතියානුකූලව ස්ත්‍රී පක්ෂය වෙත පිරිනැමෙන තිළිනයක්ද අප කන්ඩායමේ සහෝදරියන්ට සුමංගල හිමයන්ගෙන් හිමි විය.


ඉන්පසුව අප අඩෙක්කලමාතා ක්‍රිස්තියානි පල්ලිය වෙත ගිය අතර එහි ප්‍රධාන පීටර් පාදිලිතුමන්සමඟ යාපනය ප්‍රදේශයේ ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියත් එසේ ක්‍රිස්තියානි ආගම අදහන ජනතාවගේ සංස්කෘතිකමය වෙනසක් ඇත්දැයි යන්නත් යුද්ධයට පෙර හා පසු එම පල්ලියේ තත්වයත් සාකච්ඡා කරන ලදී.



යාපනය නගරයේ වත්මන් ආරක්ෂක තත්වය සොයාබලනු වස් අප අනතුරුව ලඟාවූයේ යාපනය පොලිස් ස්ථානය වෙතයි.එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් සිගේරා මහතාගෙන් දැනට යාපනය නගරය කුමන ආකාරයකින් ආරක්ෂිතව ඇත්ද යනවගත් සංචාරකයින් සම්භන්ධයෙන් පොලීසිය අනුගමනය ක්‍රියාපිළිවෙත්ද වත්මන් යාපනය සම්භන්ධ ප්‍රම්‍රඛ පුවතක් වන ඉඩම් ආරවුල් හා යාපනයේ පවතින සංස්කෘතික විශමතාවන් නිසා ප්‍රශ්න ඇතිවේදැයි යනවගත් අප විසින් විමසීමට ලක්කරන ලදී.ඔහුගේ පිළිතුරු අනූව දැනට යාපනය නගරය ඉතා සුරක්ෂිතව ඇති ආකාරයත් ජනමාධ්‍යයන්හි පලවන ආකාරයේ කිසිදු වාර්ගික අර්බුධයක් එහි නොමැති බවත් පැවසීය.

                                               
දිනයේ සියලු කටයුතු ඒයාකාරයෙන් සාර්ථකව ඉටුවුනු අතර සවස 7 පමණ වන විට නැවතත් සියලු කටයුතු අවසන්කර ඥනම්ස් හෝටලය වෙත ලඟාවූයෙමු.


No comments:

Post a Comment